රුපියල් හත්ලක්ෂ හැත්තෑදහසක් පමණ වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට පැමිණි මොහු, ගුවන් තොටුපළේ හරිත මාවත (Green Channel) ඔස්සේ මෙම පැළ තොගය රහසිගතව පිටකර ගැනීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ. සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහුගේ ගමන් මලු තුළ තිබී පැළ 229ක් සොයාගෙන ඇත.
මෙම පැළ තොගය මෙරටට රැගෙන ඒමේදී වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම ශාක නිරෝධායන පනත උල්ලංඝනය කරමින් නිසි අවසර පත්‍ර ලබාගෙන නොමැති බව රේගු නිලධාරීන් තහවුරු කර තිබේ. ඒ අනුව අදාළ පැළ තොගය රාජසන්තක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














