තමන් යටතේ සේවය කළ කාන්තාවන් පිරිසක් එල්ල කළ බරපතල ලිංගික අපයෝජන සහ ස්ත්‍රී දූෂණ චෝදනා හේතුවෙන්, කැලිෆෝනියා ආණ්ඩුකාර ධුර අපේක්ෂක කොංග්‍රස් සභික එරික් ස්වල්වෙල් හට එම සටනින් ඉවත් වන ලෙසට එරට ප්‍රබල දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතී. හිටපු කථානායක නැන්සි පෙලෝසි සහ සෙනෙට් සභික ඇඩම් ෂිෆ් වැනි ප්‍රබල ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවා ඔහුට ලබාදුන් සහය ඉල්ලා අස්කරගෙන තිබේ.
තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා අසත්‍ය බවත්, මෙය ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් සැලසුම් සහගත මඩ ප්‍රහාරයක් බවත් ස්වල්වෙල් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, සේවිකාවක විසින් 2019 වසරේ සිදුවූයේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සාක්ෂි සහ තවත් කාන්තාවන් සිව්දෙනෙකු ඉදිරිපත් කළ චෝදනා හේතුවෙන් ඔහුගේ දේශපාලන ගමන දැඩි අර්බුදයකට ලක්ව තිබේ. කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා තේරීමේ මූලික ඡන්ද විමසීමට සති කිහිපයක් තිබියදී මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.














