ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි ධවල මන්දිරයේ ඉදි කෙරෙන නව උත්සව ශාලාවේ (Ballroom) ඉදිකිරීම් කටයුතු අවම වශයෙන් අප්‍රේල් 17 වනදා දක්වා ඉදිරියට ගෙන යා හැකි බව ඇමරිකානු අභියාචනාධිකරණයක් අද (11) තීන්දු කළේය. මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මතු වී තිබූ නීතිමය බාධාවන් හමුවේ අධිකරණය ලබා දුන් මෙම තීන්දුව ජනාධිපතිවරයා ලැබූ තාවකාලික ජයග්‍රහණයක් ලෙස සැලකේ.
ධවල මන්දිර පරිශ්‍රයේ සිදුවන මෙම දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය පසුගිය කාලසීමාව පුරාම දේශපාලන සහ මහජන අවධානයට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණි. මෙම අභියාචනාධිකරණ නියෝගයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ ඉදිකිරීම් කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව සැලසේ.














