දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය පොලිස් වසමට අයත් කිලෝමීටර් 54.9 කණුව අසලදී ඊයේ (11) රාත්‍රී කාලයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක්, එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ සිමෙන්ති පටවන ලද ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසුපසින් පැමිණි ලොරි රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62 සහ 64 යන වයස්වල පසුවූ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. අනතුරට සම්බන්ධ අනෙක් ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අධිවේගී මාර්ග අනුපාලක ස්ථානය සහ ඇල්පිටිය පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














