කළුතර මල්වත්ත බන්ධනාගාරය තුළ රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ ප්‍රහාරයකින් එක් රැඳවියෙකුගේ කන කැපී තුවාල ලබා තිබේ.
පසුව තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














