අමෙරිකාව සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් ආරම්භ වී මාස 6ක කාලයක් ගතවීමත් සමග, මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු අමෙරිකානු සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි මානසික ආතතියකට සහ අවිනිශ්චිතතාවකට මුහුණ දෙමින් සිටින බව ARY News ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග පුරා අමෙරිකානු සෙබළුන් 50,000කට වැඩි සංඛ්‍යාවක් අතිරේකව අනුයුක්ත කර ඇති අතර, මෙතෙක් සිදුවූ ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් 18 දෙනෙකු මියගොස් 750කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. සෙබළුන්ගේ සේවා කාලය හදිසියේ දීර්ඝ කිරීම, පවුලේ ප්‍රධාන ආදායම් මාර්ග ඇණහිටීම සහ ආදරණීයයන්ගේ ජීවිත පිළිබඳ පවතින බිය හේතුවෙන් හමුදා පවුල්වලින් 81%කට ආසන්න ප්‍රමාණයක් දැඩි මානසික පීඩනයකින් පසුවන බව Blue Star Families සංවිධානයේ සමීක්ෂණයක් උපුටා දක්වමින් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.














