නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ලාස් කෲසස් (Las Cruces) ප්‍රදේශයේ පිහිටි ටැටූ ආයතනයක් තුළදී පාරිභෝගික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ප්‍රකට ටැටූ ශිල්පියෙකු වන බිලී ජෝ පෝටර් (Billy Joe Porter) අත්අඩංගුවට ගෙන තිබේ. ලාස් කෲසස් හි පිහිටි ‘පෝටර් හවුස් ඉන්ක් ඇන්ඩ් ටැටූ’ (Porter House Ink and Tattoo) නම් ආයතනය තුළදී මෙම බිහිසුණු සිදුවීම සිදුව ඇති බව ප්‍රාන්ත පොලිසිය නිවේදනය කරයි.
පසුගිය අප්‍රේල් 08 වනදා අදාළ තරුණිය ටැටූ එකක් ලබාගැනීම සඳහා එම ආයතනයට ගිය අවස්ථාවේදී සැකකරු ඇයට මත්පැන් ලබාදී ඒවා පානය කිරීමට පොළඹවා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. ආයතනයේ සේවය කළ අනෙකුත් සේවකයින් පිටව ගිය පසු සැකකරු තරුණියට ලිංගික අතවර කිරීමට පටන් ගෙන ඇති අතර පසුව එය ලිංගික දූෂණයක් දක්වා වර්ධනය වී තිබේ.
ආයතනයෙන් පිටව ගිය වහාම අගතියට පත් තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අප්‍රේල් 10 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධමය ලිංගික විනිවිද යාම, අනිසි ලිංගික ස්පර්ශය සහ බාලවයස්කරුවෙකුට මත්පැන් ලබාදීම යන චෝදනා යටතේ මොහුට නඩු පවරා ඇති අතර සැකකරු මේ වන විට ඩෝනා ඇනා (Dona Ana) ප්‍රාන්ත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියි.














