හයිටි රාජ්‍යයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන ඓතිහාසික බලකොටුවක (Citadel) තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වූ සංචාරක වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක් අනුව මෙම පිරිස එහි රැස්ව ඇති අතර, එහි ඇති වූ ගැටුමක් පාලනය කිරීමට පොලිසිය අධික ලෙස කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම නිසා ඇති වූ භීතීන් මෙම තෙරපීමට හේතු වී ඇති බවට දේශීය මාධ්‍ය වාර්තා කරයි.
හයිටි සංස්කෘතික අමාත්‍ය එමානුවෙල් මෙනාර්ඩ් (Emmanuel Menard) සිද්ධිය තහවුරු කරමින් ප්‍රකාශ කළේ, තුවාල ලැබූවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත්, අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් පවත්වන බවත්ය. විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බලකොටුව සංචාරකයින් සඳහා වසා තැබීමට පියවර ගෙන ඇත.
















