නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පවතින ජනන යන්ත්‍ර තුනෙන් එකක් පද්ධතියෙන් ඉවත් කර අක්‍රීය කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. දැනට පවතින අඩු විදුලි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
අවුරුදු උත්සව සමය හේතුවෙන් කර්මාන්තශාලා සහ කාර්යාල වසා තැබීම නිසා විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. ඉල්ලුමට සාපේක්ෂව ජනනය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.














