බීජිං නුවර ඊ-ටවුන් (E-Town) වීදිවල මධ්‍යම රාත්‍රියේ අමුතුම ආකාරයේ පෙරහුරුවක් ආරම්භ වී තිබේ. ඒ මිනිස් හැඩයට නිම කළ “හියුමනොයිඩ්” (Humanoid) රොබෝවරුන් පිරිසකගේ සහභාගීත්වයෙනි. ලොව පුරා විසිරුණු කණ්ඩායම් 70කට අධික සංඛ්‍යාවක් සිය නවීනතම රොබෝ නිර්මාණ සමඟ මෙලෙස වීදි බැස ඇත්තේ ලබන අප්‍රේල් 19 වනදා පැවැත්වීමට නියමිත “බීජිං ඊ-ටවුන් රොබෝ අර්ධ මැරතන්” තරගය සඳහා සූදානම් වීමටයි.
කිලෝමීටර් 21ක දුරක් ධාවනය කළ යුතු මෙම තරගයේදී ඇතැම් රොබෝවරුන් පූර්ණ ස්වයංක්‍රීයව මඟ සලකුණු හඳුනා ගනිමින් ඉදිරියට ඇදෙන අතර, තවත් පිරිසක් දුරස්ථ පාලක මඟින් මෙහෙයවනු ලබයි. මෙය හුදෙක් වේගය මැන බලන තරගයක්ම පමණක් නොව, මෙම යන්ත්‍ර මිනිස් ලෝකයේ සංකීර්ණ පරිසරයන්ට කෙතරම් සාර්ථකව අනුගත වන්නේද යන්න පරීක්ෂා කරන සන්ධිස්ථානයකි.
අප්‍රේල් 19 වනදා පැවැත්වෙන ප්‍රධාන තරගයේ විශේෂත්වය වන්නේ මිනිසුන් සහ රොබෝවරුන් එකම ධාවන පථයක තරග වැදීමට නියමිතව තිබීමයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් දුටු මෙවැනි දර්ශන දැන් සැබෑ ලෝකයේ යථාර්ථයක් බවට පත්වෙමින් පවතී.












