අද (අප්‍රේල් 13) පස්වරු 1න් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට මෙම බලපෑම තදින්ම එල්ල විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් පෙන්වා දෙයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම ඇතුළු අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















