ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) සහ දැනට පිටුවහල්ව සිටින වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) අතර විශේෂ සාකච්ඡාවක් අද (අප්‍රේල් 13) පැවැත්වීමට නියමිත බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. මෙම සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.
නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීම සඳහා පසුගිය දෙසැම්බරයේදී වෙනිසියුලාවෙන් පිටව ගිය මචාඩෝ, එරට රජයේ විමර්ශනයට ලක්ව සිටින අතර ඇයට එරෙහිව චෝදනා ද එල්ල වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලාවේ දීර්ඝකාලීන නායක නිකොලස් මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවට පත්වීමෙන් පසු එරට දේශපාලන තත්ත්වය දැඩි සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. මචාඩෝ මෙලෙස ප්‍රංශ ජනාධිපතිවරයා හමුවන්නේ එවන් පසුබිමක වීම විශේෂත්වයකි.













