2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍රයක් වන වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද (14) අපරභාග 12.06 ට උදාවිය. නැකැත් සීට්ටුවේ උපදෙස් පරිදි රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා මෙම චාරිත්‍ර ඉටුකිරීමට මුළු මහත් ජාතියම මේ වන විට එක්ව සිටියි. සහජීවනය සහ සාමූහිකත්වය විහිදා දක්වන මෙම අවස්ථාව අලුත් අවුරුදු සැමරුමේ ප්‍රධානතම අංගයකි.
අද දින චාරිත්‍රවලින් අනතුරුව ඉදිරියේදී ඉටුකළ යුතු ප්‍රධාන චාරිත්‍ර වාරිත්‍ර මෙසේය:
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (15) බදාදා පූර්වභාග 06.55 ට යෙදී තිබේ. එහිදී පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා ස්නානය කිරීම සිදුකළ යුතුය. හදිසි රාජකාරී සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 17 සිකුරාදා පූර්වභාග 05.38 ට යෙදී ඇති අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට හෝ 06.50 ට යෙදී ඇත.
මීට අමතරව, අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට පැළ සිටුවීමේ නැකත යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම චාරිත්‍ර මාලාව නිසි අයුරින් ඉටුකරමින් සෞභාග්‍යමත් අනාගතයකට මග පාදා ගැනීම සියලු දෙනාගේ අපේක්ෂාවයි.














