ලොව විශාලතම සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදන සමාගම වන LVMH (Louis Vuitton Moët Hennessy) සමූහය, 2026 වසරේ පළමු කාර්තුව තුළ අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. වාර්තාවලට අනුව මෙම වසරේ මුල් මාස තුන තුළ සමාගමේ ආදායම යුරෝ බිලියන 19.1ක් දක්වා 1%ක සුළු වර්ධනයක් පමණක් වාර්තා කර ඇති අතර, එය මීට පෙර විශ්ලේෂකයන් අපේක්ෂා කළ 2%ක වර්ධන මට්ටමට වඩා අඩු අගයකි.
මෙම පුවතත් සමඟ LVMH සමාගමේ කොටස් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇත. සමාගමේ මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන යුද්ධයයි. යුද වාතාවරණය හේතුවෙන් එම කලාපයේ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය දෙකේ ඉලක්කමක ප්‍රතිශතයකින් (Double digits) සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව සමාගම පෙන්වා දෙයි.
Louis Vuitton සහ Dior වැනි ලොව සුප්‍රකට සන්නාමයන් හිමි LVMH සමාගම මුහුණ දී ඇති මෙම තත්ත්වය, සමස්ත සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොළේම යම් මන්දගාමී බවක් ඇති වීමට ඉඟියක් බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.














