Anthropic සමාගම විසින් හඳුන්වා දුන් වඩාත්ම බලගතු ‘Mythos’ නැමැති කෘතිම බුද්ධි (AI) මාදිලිය පොදු ජනතාවට නිකුත් කිරීම අනතුරුදායක බව එම සමාගම පවසයි. මෙම මාදිලිය මඟින් පෙර නොවූ විරූ සයිබර් ආරක්ෂණ අවදානම් මතු විය හැකි බවට අනතුරු අඟවා ඇති අතර, මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය සහ මූල්‍ය නියාමන ආයතන සමඟ හදිසි සාකච්ඡා ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රය මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතර, මෙවැනි ප්‍රබල තාක්ෂණයන් පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බව Anthropic නිර්මාතෘවරුන් වොෂින්ටනයේ පැවැති ලෝක ආර්ථික සමුළුවකදී අවධාරණය කර සිටියේය.














