ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට සමාන අයුරින් සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියක් හරහා මහජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වංචාවට හසුවූ පමුණුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 55ක් සහ කඩවත ප්‍රදේශයේ කාන්තාවකගේ ගිණුමකින් රුපියල් ලක්ෂ තුනහමාරකට අධික මුදලක් වංචා කර ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. මෙවැනි ව්‍යාජ අන්තර්ජාල අඩවි සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවට අවධාරණය කරන අතර, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.














