ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් ලේකම් මාධව බණ්ඩාර සෙනරත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. සැලසුම් කළ පරිදි කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් සංගමය තුළ නොමැති වීම මෙම ඉල්ලා අස්වීමට හේතුව බව ඔහු සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වන ඉල්ලා අස්වීමේ ලිපිය දැනටමත් සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් අවුරුදු නිවාඩුවෙන් පසුව සංගමයේ විධායක කමිටුව සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට ඉඩකඩ පවතින බව ද ඔහු සඳහන් කළේය. මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් යම් අස්ථාවරත්වයක් පවතින මොහොතක මෙම ඉල්ලා අස්වීම සුවිශේෂී වේ.














