රුපියල් ලක්ෂ හැත්තෑ පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ “මාරවිල අකිල” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව, දුම්මලදෙනිය ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 120කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
පොලිස් විමර්ශනවලට අනුව මොහු ඩුබායිහි සැඟව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන “කොණ්ඩ රංජිත්” නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන “හිල්ටෝප් තුෂාර” වෙනුවෙන් මෙරට මත්ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධානියෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.
















