ඇමෙරිකානු රැප් ගායක කන්යේ වෙස්ට් (Ye), ජූනි 11 වනදා ප්‍රංශයේ මාසේයි (Marseille) නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රසංගය කල් දමා තිබේ. ඔහුගේ යුදෙව් විරෝධී ප්‍රකාශ (Anti-Semitic remarks) හේතුවෙන් එම ප්‍රසංගය පැවැත්වීම වැළැක්වීමට ප්‍රංශ ස්වදේශ කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් (Laurent Nuñez) උත්සාහ කරන බවට වාර්තා පළවීමෙන් පසු කන්යේ මෙම තීරණය ගෙන ඇත.
“මගේ වැරදි නිවැරදි කර ගැනීමට මා තුළ ඇති අවංක කැපවීම තේරුම් ගැනීමට කාලයක් ගතවන බව මම දනිමි,” යනුවෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ තම රසිකයන් මෙවැනි ගැටලුකාරී තත්ත්වයකට මැදි කිරීමට තමන් අකමැති බවයි. පසුගිය සතියේ බ්‍රිතාන්‍යය තුළ ද ඔහුට පැනවූ තහනමකින් පසු මෙම ප්‍රංශ ප්‍රසංගය කල් දැමීම විශේෂත්වයකි.














