චීනය විසින් ඉරානයට ආයුධ ලබා දීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා මධ්‍යයේ, එවැනි සැපයුම් සිදු නොකිරීමට චීනය එකඟ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට තමා පියවර ගැනීම පිළිබඳව චීනය ඉතා සතුටින් පසුවන බවත්, ඒ අනුව ඉරානයට ආයුධ නොයැවීමට ඔවුන් එකඟ වී ඇති බවත් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් ද තමා සමඟ පැවති සාකච්ඡාවකදී ඉරානයට ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර චීන විදේශ අමාත්‍යංශය ද පසුගිය දින කිහිපය පුරා අවධාරණය කර සිටියේ තමන් ඉරානයට කිසිදු ආකාරයක හමුදාමය සහයෝගයක් ලබා නොදෙන බවයි. කෙසේ වෙතත්, ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සඳහා අවශ්‍ය කාර්මික උපාංග චීනය විසින් දීර්ඝ කාලයක සිට ලබා දෙන බවට ඇමෙරිකානු රජය මීට පෙර චෝදනා කර තිබුණි.
















