මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දිය නෑමට ගොස් අතුරුදන් වූ පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. ඊයේ (14) පස්වරුවේ පියෙකු සහ පුතුන් සිව්දෙනෙකු දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබූ අතර, එහිදී පියා සහ එක් පුතෙකු දිවි බේරා ගැනීමට සමත් වී තිබුණි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින මෙම පුතුන් සිව්දෙනා අලුත් අවුරුදු නිවාඩුවට ගමට පැමිණ සිටි අතර, පියා සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත. අතුරුදන්ව සිටින අනෙක් පුත්‍රයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.














