ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Trend Micro සමාගමේ ව්‍යාපාරික ඒකකය වන Trend AI, කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Anthropic සමාගම සමඟ විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇති බව අද (අප්‍රේල් 16) නිවේදනය කළේය. මෙම සහයෝගීතාව යටතේ Anthropic සතු ප්‍රබල Claude AI මාදිලි Trend AI ආරක්ෂණ පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත අතර Claude මාදිලි භාවිත කරමින් සයිබර් ආරක්ෂණ මෙහෙයුම් ස්වයංක්‍රීය කිරීම සහ AI තාක්ෂණය මතම පදනම් වූ ආරක්ෂණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම මෙහි මූලික ඉලක්කය වී තිබේ.
එමෙන්ම AI පද්ධති සහ යටිතල පහසුකම්වල පවතින දුර්වලතා හඳුනා ගැනීම සඳහා විශේෂ පර්යේෂණ සිදු කිරීමට දෙපාර්ශවයම සැලසුම් කර ඇති අතර සැබෑ ලෝකයේ පවතින සයිබර් අවදානම් අවම කිරීම සඳහා වඩාත් නිවැරදි ලෙස තර්ජන හඳුනා ගැනීම සහ ඒවාට ක්‍රමානුකූලව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව Claude මාදිලි හරහා වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. Trend AI හි ප්‍රධාන වේදිකා ව්‍යාපාරික නිලධාරිනී රේචල් ජින් ප්‍රකාශ කළේ Anthropic වැනි ප්‍රමුඛ හවුල්කරුවන් සමඟ එක්ව AI ආරක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය දැක්ම පුළුල් කිරීමට මෙය කදිම අවස්ථාවක් වන බවත් මෙම පර්යේෂණ සහ නවෝත්පාදන හරහා අනාගත AI ආරක්ෂණයේ දිශානතිය තීරණය වනු ඇති බවත්ය.














