Salesforce සමාගම සිය AppExchange, Slack Marketplace සහ Agentforce පද්ධති එකම ව්‍යුහයකට ගොනු කරමින් “AgentExchange” හි නවතම සංස්කරණය ඊයේ (අප්‍රේල් 15) නිකුත් කරන ලදී. මෙම නව වෙළඳපොළ (Marketplace) හරහා Salesforce ඇප්ස් 10,000කට අධික ප්‍රමාණයකට, Agentforce ඒජන්තවරුන් 1,000කට සහ Slack ඇප්ස් 2,600කට අධික ප්‍රමාණයකට පිවිසීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ. Notion, Docusign සහ Cursor වැනි ප්‍රමුඛ සමාගම් දැනටමත් මෙහි හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.
Data 360 තාක්ෂණය මත පදනම් වූ “Semantic Search” පහසුකම හරහා හුදෙක් වචන ගැලපීම වෙනුවට පරිශීලකයාගේ සැබෑ අවශ්‍යතාව හඳුනාගෙන නිසි විසඳුම් ලබා දෙයි. උදාහරණයක් ලෙස “කොන්ත්‍රාත් ප්‍රශස්තකරණය” (Contract Optimization) ලෙස සෙවූ විට, ඒ හා සම්බන්ධ විද්‍යුත් අත්සන් (Electronic Signature) විසඳුම් ස්වයංක්‍රීයව පෙන්වනු ලබයි. එමෙන්ම ආයතනයක් දැනට භාවිත කරන Salesforce සහ Slack සැකසුම්වලට ගැළපෙන පරිදි මෙම සෙවුම් ප්‍රතිඵල පුද්ගලීකරණය (Personalization) කෙරේ.
මෙහි ආරක්ෂාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, සෑම යෙදවුමක්ම දැඩි ආරක්ෂක ඇගයීමකට ලක් කෙරේ. පරිපාලකයින්ට සිය ආයතනයේ භූමිකාවන් (Roles) අනුව මෘදුකාංග සඳහා පිවිසුම් අවසර ලබා දීමේ හැකියාව ද පවතී. මීට අමතරව, 2026 වසරේ අගභාගයේදී (Fall 2026) මෘදුකාංග එකිනෙක සැසඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සෙවුම් මාදිලියක් (Interactive Search Mode) හඳුන්වා දීමට ද Salesforce සැලසුම් කර ඇත.
නව විසඳුම් දියුණු කරන හවුල්කරුවන් දිරිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 50ක “AgentExchange Builders Initiative” නමැති ආයෝජන අරමුදලක් ද ප්‍රකාශයට පත් කර තිබේ. මෙමගින් පාරිභෝගිකයින්ට සිය ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වඩාත් නිවැරදි AI ඒජන්තවරුන් සහ මෘදුකාංග ඉතා පහසුවෙන් සොයා ගැනීමට මෙන්ම මිලදී ගැනීමට ද අවස්ථාව සැලසේ.














