මෙට්‍රික් ටොන් 97,500ක් රැගත් තවත් බොරතෙල් නෞකාවක් හෙට (අප්‍රේල් 17) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (15) දිනයේදී ද මෙට්‍රික් ටොන් 36,000ක ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණි අතර මේ වන විට පවතින තොග අනුව ජුනි මස මැද භාගය වන තෙක් ප්‍රමාණවත් ඉන්ධන සංචිත මෙරට සතුව පවතින බව ඒ මහතා වැඩිදුරටත් තහවුරු කළේය.














