මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සැලැස්ම යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) රුපියල් බිලියනයක (කෝටි 100 ක) ආදායමක් උපයමින් ඉතිහාසගත වාර්තාවක් පිහිටුවා ඇත. ලංගම සභාපති සජීව නන්දන කනකරත්න මහතා පවසන්නේ මෙය මණ්ඩලයේ ඉතිහාසය තුළ දින කිහිපයක් ඇතුළත වාර්තා වූ ඉහළම ආදායම බවයි.
අප්‍රේල් 08 වැනිදා සිට 13 වැනිදා දක්වා වූ දින කිහිපය තුළ මෙම ආදායම උපයා ඇති අතර, ඉන් අප්‍රේල් 11 වැනිදා පමණක් රුපියල් මිලියන 213 ක ආදායමක් හිමිව තිබේ. සාමාන්‍ය දිනක මිලියනයක් පමණ වන මගී සංඛ්‍යාව 11 වැනිදා ලක්ෂ 20 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර බස් රථ 4,698 ක් එදින ධාවනයට එක් කර තිබුණි. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය ධාවනය අඩාළ වීම නිසා මගීන් වැඩි වශයෙන් බස් රථ භාවිත කිරීම මෙම ආදායම ඉහළ යාමට එක් හේතුවක් වී ඇත. ලංගම සේවකයන්ගේ කැපවීම සහ මනා කළමනාකාරීත්වය මත කොළඹ සිට වතුකරය දක්වා ධාවනය වූ බස් රථවලින් පමණක් රුපියල් දෙකෝටි එක් ලක්ෂයක ආදායමක් උපයා ඇති අතර, එළඹෙන 21 වැනිදා දක්වා මෙම විශේෂ ධාවන සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














