විෂ මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර රිය පදවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා භාවිත කළ හැකි විශේෂ උපකරණ කට්ටල 150ක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පොලිසිය වෙත පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) සහ ඩෙල්මේජ් ෆෝසයිත් සමූහය (Delmege Forsyth) එක්ව මෙම උපකරණ කට්ටල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පරිත්‍යාග කරන ලදී.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහතා විසින් මෙම උපකරණ කට්ටල මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.
මෙම විශේෂ උපකරණ මඟින් මත්පැන් පමණක් නොව, විවිධ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් ද ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බව පරිත්‍යාගශීලී ආයතන පෙන්වා දෙයි.
මෙම උපකරණ පද්ධතිය මධ්‍යම පළාතේ හඳුනාගත් පොලිස් ස්ථාන වෙත බෙදා දීමට නියමිත අතර, එමඟින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නිසා සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ආචාර්ය සංජේ පෙරේරා, ඩෙල්මේජ් ෆෝසයිත් සමූහයේ නියෝජිත නාගිත මහතා, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.














