එළඹෙන මැයි මාසය පුරා දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.
අප්‍රේල් මාසය සඳහා පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 20,500ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 17,500ක තොග ඉදිරියේදී ලැබීමට නියමිතව ඇත.
මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් තවත් ගෑස් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟාවීමට නියමිතව තිබේ.
මෙම ලැබීමට නියමිත තොග අනුව මැයි මාසය සඳහා ද අවශ්‍ය තරම් ගෑස් පවතින බැවින් පාරිභෝගිකයන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි.














