හෙට (20) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත්, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, අද (19) රාත්‍රී කාලයේදී ද බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි බලාපොරොත්තු විය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ක පමණ වැසි ඇතිවිය හැක. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














