දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ, ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික ටයර් අලෙවිසැලක සහ ගබඩාවක අද (20) අලුයම හටගත් දරුණු ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දඹුල්ල පොලිසිය වාර්තා කරයි
අලුයම කාලයේදී වෙළඳසැල තුළින් හටගත් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිසිය, විදුලි බල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය කිහිපයක දැඩි මෙහෙයුමකින් පසු ගින්න මැඩපවත්වා තිබේ. ගිනි නිවන භටයන්ගේ කඩිනම් මැදිහත් වීම නිසා ගින්න අසල පිහිටි සෙසු වෙළඳසැල් වෙත පැතිර යාම වැළැක්වීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවූ අලාභය ගණනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. දඹුල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














