2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය අද (අප්‍රේල් 20) අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව වසරේ පුද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ පවතින අභියෝග ජය ගනිමින් සතුටින් ජීවත් වීමට සියලු දෙනාට අවස්ථාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. රාජකාරී කිරීමේදී කණ්ඩායමක් ලෙස සිදුවන සුළු වැරදි තේරුම් ගෙන ඒවා නිවැරදි කරගනිමින්, හිත් රිදීම් අවම කරගෙන ඉදිරියට යාම සාර්ථකත්වයේ රහස බවත්, එම ගමන යාමට අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අයෙෂා ජිනසේන මෙනවිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.














