53 හැවිරිදි වියේ පසුවන ඩග් හොට්, මීට පෙර එම සමාගමේ මූල්‍ය, උපායමාර්ගික සහ ආයතනික සංවර්ධන අංශයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. හිටපු මූල්‍ය ප්‍රධානී ඇන්ඩර්සන් ලබන මැයි මස 08 වැනිදා සමාගමෙන් සමුගැනීමට නියමිතය.
මෙම නායකත්ව වෙනස සිදු වන්නේ ස්නැප් සමාගම සිය වියදම් අවම කර ගැනීමේ අරමුණින් පසුගිය සතියේදී සේවකයන් 1,000ක් (සම්පූර්ණ සේවක මණ්ඩලයෙන් 16%ක්) සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ පසුබිමක ය. තාක්ෂණික ක්ෂේත්‍රයේ බොහෝ සමාගම් වඩාත් කාර්යක්ෂම සහ සීමිත සේවක පිරිසක් සහිතව මෙහෙයුම් සිදු කිරීමට පෙළඹී ඇති අතර ස්නැප් සමාගම ද එම මාවතටම අවතීර්ණ වී ඇත.
ස්නැප් සමාගම සිය පළමු කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා ලබන මැයි මස 06 වැනිදා නිකුත් කිරීමට නියමිතව ඇති අතර, නව මූල්‍ය ප්‍රධානියා යටතේ සමාගමේ ඉදිරි ආර්ථික ගමන් මඟ කෙබඳු වනු ඇත්දැයි ආයෝජකයින් දැඩි අවධානයෙන් පසුවෙයි.














