හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් අභිනම්‍යන් යුතුව ක්‍රියාවට නංවා තිබේ.
‘සියවසක් පුරා විප්ලවීය ආලෝකය’ යන තේමාව යටතේ පැවැති මෙම වැඩසටහන හරහා ලෝක විප්ලවීය ඉතිහාසය තුළ ෆිදෙල් කැස්ත්‍රෝ නායකයා ඉටු කළ ඉතිහාසික කාර්යභාරය මෙන්ම ඔහුගේ ප්‍රතිපත්තිමය දැක්ම අලුත් පරම්පරාව වෙත සමීප කරවීම අරමුණු කරගනු ලැබීය. වර්තමාන ගෝලීය සහ දේශීය දේශපාලන සන්දර්භය තුළ සමාජවාදී අරගලවල සහ ජාත්‍යන්තරවාදී සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳව පුළුල් සංවාදයක් මෙම සමරු වැඩසටහන ඔස්සේ සමාජගත කෙරිණි.
විප්ලවීය මතවාද සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන හා තරුණ ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සංස්කෘතික හා දේශපාලන වැඩපිළිවෙළ ඉදිරි කාලය තුළ දේශපාලන ක්‍රියාධරයන් අතර නව මතවාදී ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වනු ඇත. ඉදිරියේදීත් ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයාගේ අරගලකාමී චරිතය ආදර්ශයට ගනිමින් ජනතා හිතවාදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.














