‘ගනේමුල්ල සංජීව’ නැමැත්තා ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (අප්‍රේල් 21) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකාරියට අයත් පෞද්ගලික බැංකු ගිණුම්වලට අදාළ සම්පූර්ණ විස්තර පොලිසියට ලබා දෙන ලෙස අදාළ බැංකුවට නියම කෙරිණි. විමර්ශනවලදී ඇයට අයත් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය වී ඇති අතර, එම ගිණුම් හරහා සිදුව ඇති මූල්‍ය ගනුදෙනු පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුවේ 15 වැනි සැකකාරිය ලෙස නම් කර ඇති ඉෂාරා සෙව්වන්දි මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබයි.














