නව මූල්‍ය වර්ෂය ආරම්භයත් සමඟ සිය නායකත්ව මණ්ඩලය ශක්තිමත් කරමින්, GRI ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තරිඳු අතපත්තු සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී චතුරංග අබේරත්න යන මහත්වරුන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත් කර තිබේ. සමාගමේ උපායමාර්ගික දැක්ම සහ තීරණ ගැනීම් තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙන්ම ආයතනික පාලනය ශක්තිමත් කිරීම මෙම පත්වීම්වල ප්‍රධාන අරමුණයි.
2025 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී ධුරය හොබවන ආචාර්ය තරිඳු අතපත්තු මහතා, වසර විස්සකට අධික කාලයක් ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ඉහළ කළමනාකාරීත්ව අත්දැකීම් සහිත දක්ෂ නායකයෙකි. ඔහු සමඟ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වන චතුරංග අබේරත්න මහතා, වසර 15කට වැඩි කාලයක් මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක සේවය කරමින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඉහළ නිපුණත්වයක් හිමිකරගෙන ඇත. මෙම නව පත්වීම් හරහා GRI සමාගම ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමටත්, නවෝත්පාදනයන් කරා ගමන් කිරීමටත් බලාපොරොත්තු වේ.














