වලංගු බලපත්‍රයක් නොමැතිව බැරල් 10ක ගබඩා කර තිබූ භූමිතෙල් ලීටර් 1740ක තොගයක් සමඟ පුද්ගලයෙකු අග්බෝපුර, ගැමුණුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අග්බෝපුර පොලිසිය සමත් විය. පොලිසියට ලද තොරතුරක් මත පෙරේදා (25) මෙම වැටලීම සිදු කර ඇත.
අග්බෝපුර වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු ගැමුණුපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් භූමිතෙල් තොගය සහ සැකකරු කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අග්බෝපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














