කොලොම්බියාවේ කාජිබියෝ ප්‍රදේශයේ ඊයේ (26) සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ දරුණු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහාමාර්ගයේ සිදුවූ මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බෝම්බය පිපිරුණු ස්ථානයේ ඝන මීටර් 200ක පමණ දැවැන්ත වළක් හෑරී ඇති බවත්, එය ඉතා ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන සිදුකර ඇති බවත් වාර්තා වේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් ගත් පිරිස මෙලෙස මරණයට හා තුවාල වලට ගොදුරු වී තිබේ.
කොලොම්බියානු රජය ප්‍රකාශ කරන්නේ මෙය “අයිවන් මොර්ඩිස්කෝ” (Iván Mordisco) නමැති එරට ප්‍රබල ජාවාරම්කරුගේ මෙහෙයවීමෙන් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජය අවධාරණය කර ඇත. 2026 වසරේ කොලොම්බියාවේ සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙන අතර ආරක්ෂක අංශ මේ වන විට ප්‍රදේශයේ මෙහෙයුම් තර කර තිබේ.














