ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සහ ජීව පතොරොම් තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඇටවීරගොල්ලෑව පොලිසිය සමත්ව තිබේ. පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (28) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී T56 ජීව පතොරොම් 52ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 30ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු බව පොලිසිය තහවුරු කර තිබේ. මෙම යුදෝපකරණ තොගය ඔහු සන්තකයට පත්වූයේ කෙසේද සහ කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා මේවා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව ඇටවීරගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














