මහා භාණ්ඩාගාරයෙන් හැකර්වරුන් විසින් ලබාගත් බව කියන මුදල් සම්පූර්ණයෙන්ම යළි අයකර ගැනීමේ ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
රටේ වත්මන් විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, භාණ්ඩාගාරය සතුව ට්‍රිලියනයකට අධික මුදලක් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
රුපියල් මිලියන 2.5ක මුදලක් සම්බන්ධයෙන් විපක්ෂය මතු කරන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, යම් ස්ථානයක වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීමට රජය බැඳී සිටින බවයි.
හැකර්වරුන් සම්බන්ධ සිදුවීමෙන් අහිමි වූ සම්පූර්ණ මුදලම යළි අයකර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.














