සංශෝධිත විදුලි ගාස්තු සම්බන්ධ අවසන් තීරණය ලබන මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. 2026 වසර සඳහා වන මෙම අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අදාළ මහජන උපදේශන ක්‍රියාවලිය අද (29) සිට ආරම්භ කරන බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ක්‍රියාවලිය හරහා මහජනතාවගේ සහ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














