සරම්ප රෝගය යැයි සැක කළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍ය වෘත්තිකයන්ට නියෝග කර තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය සහ සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ රෝගය පැතිරීම පාලනය කිරීමේ අරමුණිනි.
උණ සමඟ සමේ පලු දැමීම හෝ රතු පැහැති ලප (Rashes) මතු වන රෝගීන් පිළිබඳව පසු විපරම් කටයුතු සඳහා වහාම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතුය.
පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන එවැනි රෝගීන් වැඩිදුර කළමනාකරණය සහ නිසි අධීක්ෂණය සඳහා රජයේ රෝහල් වෙත යොමු කරන ලෙස පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත.
සරම්ප පැතිරීම වැළැක්වීමට ඇති එකම සහ වඩාත් සාර්ථක ක්‍රමය එන්නත්කරණය බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.
මාස 9 සිට අවුරුදු 3 දක්වා දරුවන් අවම වශයෙන් සරම්ප එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත යුතුය.
අවුරුදු 3 සිට 15 දක්වා වයස් කාණ්ඩවල දරුවන් එන්නත් මාත්‍රාවන් දෙකම සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.












