ඊයේ (29) දිනයට සාපේක්ෂව අද (30) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මහ බැංකු දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.54 සිට රුපියල් 315.87 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 323.26 සිට රුපියල් 323.80 දක්වා ඉහළ ගොස් තිබේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල මෙලෙස සුළු වශයෙන් අවප්‍රමාණය වුවද, අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. කෙසේ වෙතත්, මැදපෙරදිග ගල්ෆ් කලාපීය රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව ද රුපියල අද දිනයේ අවප්‍රමාණය වී ඇත.














