භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට සැලසුම් කර ඇති බවට තමන්ව දැනුවත් කර නොමැති බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
භාණ්ඩාගාර ලේකම්වරයා කාරක සභාව හමුවට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවත් තමන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බවත්ය. මීට පෙර වාර්තා වූයේ මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලේකම්වරයා අද දින කාරක සභාව වෙත කැඳවා තිබූ බවයි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාව වෙත පැමිණීමට නොහැකි බව දන්වා ඇති බව ද මීට පෙර වාර්තා විය.














