දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක් සඳහා දැඩි අකුණු අනතුරු පිළිබඳ රතු නිවේදන නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පියවර ගෙන ඇත. සබරගමුව, මධ්‍යම, උතුරු මැද යන පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ. මීට අමතරව දිස්ත්‍රික්ක 14ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11.30 දක්වා මෙම උපදේශනය ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද දහවල් 1.00න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයන්ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.














