මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ පස්වරුවේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහුව මෙලෙස කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම කාරක සභා රැස්වීම පැය දෙකකට වැඩි කාලයක් පුරා පැවැත්විණි.














