රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් ඇති කමිටුවක් නොවන බව එම කාරක සභාවේ සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි. රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව සොයා බලන අධීක්ෂණ කමිටුවක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙයි.
රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අනපනත් විශ්ලේෂණය කර ඒ පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවට ලබා දීම කමිටුවේ ප්‍රමුඛතම වගකීම වේ. බදු එකතු කිරීම සහ මුදල් භාවිතය පිළිබඳ විමසීමේ අයිතිය කමිටුවට පවතින නමුත් එය ගවේෂණාත්මක විමර්ශනයක් නොවන බව ඔහු පැහැදිලි කළේය. විමර්ශන කටයුතු සඳහා වෙනත් කමිටු පවතින බවද ඔහු සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කැඳවීමට කමිටුව තීරණය කර තිබුණි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට පළ වූ වාර්තා අසත්‍ය බවත්, එදින සහභාගී වීමට නොහැකි බවත් ඉදිරි දිනයක පැමිණෙන බවත් ඔහු දැනුම් දී තිබූ බව අබේසිංහ මහතා පැහැදිලි කළේය.
මුදල් කාරක සභාවේ තීරණ සැමවිටම කමිටුවක් ලෙස සාමූහිකව ඉදිරිපත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සභාපතිවරයා විසින් ඇතැම් අවස්ථාවල සිදු කරන ප්‍රකාශ කමිටුවේ පොදු එකඟතාවයෙන් තොර ඒවා බවද ඔහු පවසා සිටියේය. මෙම ක්‍රියාවලිය දේශපාලන කාරණාවක් කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














