මහර, දලුපිටිය ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී වතුර බෝතල් මුවාවෙන් කසිප්පු පුරවා අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබේ.
අදාළ ස්ථානයේ තිබී මිලි ලීටර් 375 බෝතල් 28ක අසුරන ලද කසිප්පු මිලි ලීටර් 10,500ක තොගයක් සහ එම ජාවාරමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඉතා සූක්ෂම ලෙස වතුර බෝතල්වලට කසිප්පු පුරවා සීල් තබා මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇති අතර, ජාවාරම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.














