අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවැති ‘ශ්‍රී ලංකා සෞන්දර්යය’ 6 වැනි වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වී තිබේ. අමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (ASPAS), ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, කලාත්මක සම්ප්‍රදායන් සහ ස්වාභාවික සෞන්දර්ය ලොවට විදහා දැක්වීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ. මෙම ප්‍රදර්ශන මාලාව මීට පෙර ටොරොන්ටෝ සහ නිව්යෝර්ක් යන නගරවලදී ද සාර්ථකව පැවැත්වුණු අතර, එය හෙට (02) වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
















