ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන මිලෙහි බලපෑම ආර්ථිකය පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් මනිනු ලබන උද්ධමනය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍ය කාලීන ඉලක්කයක් වූ 5.0% ඉක්මවා ගොස් තිබේ. මාර්තු මාසයේ 2.2%ක්ව පැවති උද්ධමනය අප්‍රේල් මාසයේදී 5.4%ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වීමක් පෙන්නුම් කළේය.
මාසිකව මනිනු ලබන දර්ශකය මාර්තු මාසයේ 0.3%ක අගයක සිට අප්‍රේල් මාසයේ 3.0%ක විශාල වර්ධනයක් වාර්තා කර ඇත. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 6.8%ක් දක්වා ඉහළ යාමට ප්‍රවාහන හා නිවාස මෙන්ම විදුලිබල ගාස්තු ඉහළ යාම දැඩි ලෙස බලපෑවේය. එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනය ද 2.8% දක්වා වර්ධනය වී තිබේ.
ඉදිරි මාසවල මිල ගණන් තීරණය වන්නේ මැයි මස පළමුවැනිදා අලුත් වන ඉන්ධන මිල සහ ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විදුලි ගාස්තු සංශෝධනය මතය.














