රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සම්පත් සහ මහජන මුදල් කළමනාකරණය කිරීම හරහා ලබාගත් ඉතිරි කිරීම් මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා කෝටි පන්දාහක මුදලක් වෙන් කිරීමට තම රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙම අරමුදල් ලබා ගැනීම සඳහා කිසිදු ආකාරයක විදේශ ණය ලබා ගැනීමක් හෝ රටේ උද්ධමනය ඉහළ දමමින් මුදල් අච්චු ගැසීමක් සිදු නොකළ බවද ඒ මහතා අවධාරණය කරයි.
ජනතාවගේ බදු මුදල් සහ රාජ්‍ය ආදායම ඉතා විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව කළමනාකරණය කිරීම තුළින් මෙම මූල්‍ය ශක්තිය උදාකරගත් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එම ඉතිරි කරගත් ජනතා මුදල් යළිත් රටේ සංවර්ධන කටයුතු සහ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට රජය ප්‍රමුඛත්වය ලබා දෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













