නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළඳසලක භාණ්ඩ බෑම සඳහා පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් එහි සහායකයා අද (01) පෙරවරුවේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි මෙම කන්ටේනර් රථය, වෙළඳසලේ ගබඩාව වෙත ඇතුළු කිරීම සඳහා පසුපසට (Reverse) ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත. එහිදී රථයේ සහායකයා, රථයේ පසුපස කොටස සහ ගබඩාවේ බිත්තිය අතර සිරවීමෙන් බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇත.
මියගිය රිය සහායකයා 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.














